මගී පහසුව උදෙසා අම්බලමක්
ඉදිකිරීම,
උතුම් පුණ්‍යකර්මයක් ලෙස
පැරණි ජනයා සැළකූහ.ඒ අනූව රටෙහි විවිධ ගම්මානයන් තුල අම්බලම් ඉදි කෙරුණු අතර,
ඒවායේ
විශාලත්වය,
අලංකාරය හා වටිනාකම එය නිර්මාණය කළ සැදැහැවතුන්ගේ
වත්පොහොසත්කම්
අනුව සිදුවිය. පුද්ගල තරාතිරම් අනූව මෙරට ඉදිකරන ලද අම්බලම් වර්ග
2
ක්
හඳුනාගත හැකිය.
මැටි අම්බලම්
සාමාන්‍ය පුද්ගලයන් සඳහා
ඉදිකල අම්බලම්.
සිටු අම්බලම්
ප්‍රභූන් උදෙසා ඉදිකරන ලද
අම්බලම්.
අම්බලමක් ඉදිකිරීමේදී ස්ථානය තෝරාගැනීම
අම්බලමක් ඉදිකිරීමේදී,
අම්බලම භාවිත කරන්නන්ගේ
උපරිම පහසුව ඇතිවන පරිදි
සුදුසු ස්ථානයක එය නිර්මාණය කෙරුණි. බොහෝවිට ගමන් මාර්ගයේ වූ ළිඳක් අසල,
දොලක් අසල,
කුඹුරක් අසල ආදී වශයෙන් අම්බලම් ඉදිවිය. නමුත්
විහාරස්‌ථාන
ආශ්‍රිතව අම්බලම් ඉදිවීම ඉතා අවම වූවේ,
අම්බලමේ කාර්යය පන්සලේ බණ මඩුවෙන්
ඉටුවූ නිසායි.
|