අද දක්නට ලැබෙන තාත්වික හෝ
විදග්ධ නාට්‍යවලට ඉතා දිගු ඉතිහාසයක්
නොමැත.එසේ දීර්ඝ කාලීන ඉතිහාසයක් ඇත්තේ ජන
නාට්‍යවලටය .දේශීයආරට සමීපවු
නාට්‍ය කලාවක්බිහිකිරීමේ උත්සාහිවු එදිරිවීර සරත්චන්ද්‍රයන් විසින් එම
නාට්‍ය කලාව සොයා පහදා
ගැනීමේදි මෙමජන නාට්‍යවල ආභාෂය බොහෝ සෙයින් ලබාගෙන
තිබේ. තොවිල් පවිල්,කංකාරි,ගමිමඩු,දෙවොල් මඩු,ශාන්ති කර්ම ඇසුරෙන් ලබා ගත්
ආභාෂය ඔහු සිංහල නාට්‍ය කලාවක් බිහිකිරිමෙදි යොදා
ගත්තේය.
මෙ අයුරින් අපට හදුනාගත
හැකි ජන නාට්‍ය වනුයේ,
සොකරි
සොකරි නාටකය වනාහි උඩරට
පළාත් වලටත් වන්නියටත් සතර කෝරළේ ඇතැම් පෙදෙස්
වලටත් සීමාවු ගැමි නාට්‍ය විශේෂයකි.මේ නාට්‍යය
මුහුදුබඩ පෙදෙස් වල හෝ දකුණු
පළාතේ රඟදැක්වීම සිදුනොවේ.මෙම සොකරි නාට්‍යයේ විශේෂ ලක්ෂණය නම් අනුරෑපණ මාධ්‍යයෙන් කථාවක්
කීමය.කණ්ඩායමේ නායකයා විසින් කිසියම් සිද්ධියක් කවියෙන්
විස්තර කරන අතර නළුවෝ එය
අනුකරණාත්මක නැටුමකින් දක්වති.මෙහි සමහර නළුවෝ
වෙස් මුහුණු පළදින අතර
නැටුමටහා ගැයුමට උපයෝගී කරගන්නා බෙරය වනාහි උඩරට
භාවිතා වන
ගැට බෙරයයි.
සොකරි නාට්‍යයට මුලාශ්‍ර වන්නේ සොකරි කථාවයි.මෙම කථාවේ ස්වරෑප පළාතින්
පළාතට මඳ වශයෙන්
වෙනස්වේ.ඊට අනුව නාට්‍යයේ ස්වරෑපයද වෙනස්වේ.කෙසේ වුවද
සොකරි නාටකයක පොදු කථාවක්
තිබේ. මේ කථාව එක් එක් කණ්ඩායම් ප්‍රදේශයෙන්
ප්‍රදේශයට යම් යම් වෙනස්කම් ඇතුව ඉදිරිපත් කරයි.
මෙහි පොදු කථාව වනුයේ
ගුරැහාමි නැමැත්තා ඔහුගේ බිරිඳ වන සොකරිය සහ පරයා
සමග ලක්දිවට පැමිණ පදිංචියට ඉඩමක්
සොයති.තඹරාවිටදී ඔවුන්ට වෙදරාළ කෙනෙක්
ඉඩම් කැබැල්ලක් දෙයි.එහි ගෙයක් සාදාගෙන සිටින අතර ගුරැහාමිගේ කකුල බල්ලෙක්
සපාකයි.ඔහුට වෙදකම් කිරිමට කැඳවනු ලැබු වෙදරාල සමඟ සොකරිය රහසිගතව
පලායයි.කෙළවර ආපසු
ගෙනඑනුලැබ සියළු දෙනා සමාදානවෙයි.මුලික වශයෙන් කථාව එසේ
වුවද රංගනයේදී නොයෙකුත්
අතුරැ කථා රසවත් සිදුවීම් අපමණව නිරෑපණය කෙරේ.
සොකරි නාටකය පිළිබඳ
පර්යේෂණ කළ විද්වතුන් පවසන්නේ මුලික වශයෙන් ගැමි රඟ
මඩලෙහි නිර්මාණ කෞශල්‍යය
හා ගැමි ජන විඥානය මේ තුළින් මැනවින් දක්නට ලැබෙන
බවයි.කෘෂිකාර්මික ජීවිතයක්
ගතකරන ගැමියාට සැහැල්ලුවක් විනෝදයක් ලැබිමට මෙම
ජන නාට්‍ය මගින් හැකිවේ.සරල හාස්‍යය මෙන්ම සමාජ
ශෝධක ක්‍රියාවක්ද මෙම ජන
නාට්‍ය තුළින් සිදුවේ.
අනුප්‍රාසයට මුල්තැන
දෙමින් ඒ අනුව බෙර පද වයමින් ඊට අනුව ගායනය,රංගනය
ඉදිරිපත් කිරීමෙන් විචිත්‍රතාවයෙන් යුත් රඟ මඬලක් දැකිය හැකිය.සොකරි
නාටකයෙහි ගායනා කරන ඇතැම්
කවි ජන කවිවල විද්‍යමාන සාහිත්‍යමය අගය
පළකරයි.පහතින් දැක්වෙන්නේ එහි ගැයෙන කවියකි
"ආල වඩන පියයුරු දෙක
ළැම දිලිසෙන්නේ
කෝළ නැතුව සබයට
එළි බැසලා නටන්නේ
මාල කරට දමා හැට්ට සළු
පළදින්නේ
බාළ සොකරි ළමා මෙනුඹ
නටා වරෙන්නේ
සෘංගාරයක් ඇතිවන අයුරින්
මේවා ගායනා කරයි.මෙය මධ්‍යම රාත්‍රියේදි රඟ දක්වන
කොටසකිකෙසේ වුවද සිංහල ජන
නාට්‍ය අතර ගැමි මතය මුර්තිමත් කරන සරළ
ප්‍රියමනාප අංගයක් ලෙසසොකරි දැක්විය හැකිය.
සිංහල ජන නාට්‍ය අතර තවත්
කැපී පෙනෙන ජන නාට්‍යයක් වනුයේ කෝළම් නැමැති ජන නාට්‍යයයි.
අපේ නාට්‍ය කලාවේ මූල බීජය හට ගන්නේ දේශිය ශාන්තිකර්ම වල බව අපි
දනිමු.ශාන්තිකර්ම වල නාට්‍යමය ලක්ෂණ අනූනව පැවත් බව අද ද ප්‍රකාශ කරන්නේ ඒ
නිසාය. ශාන්ති කර්ම වලින්
මදක් මෙපිටට ආ විට අපට ශාන්තිකර්මත් සංවිධිත
නාට්‍ය කලාවත් අතර තැනක සොකරි නාට්‍ය කලාව මුණගැසෙයි. මා එසේ ප්‍රකාශ
කරන්නේ සොකරි වල ශාන්තිකර්මයක ලක්ෂණත් නාට්‍යමය ලක්ෂණත් සම්මිශ්‍රව පැවති
නිසාය.
කෙසේවෙතත් සොකරි නාට්‍ය අපට ලංකාවේ හමුවන පැරණිම ගැමි නාට්‍ය
ලෙස සැලකිය හැක.මෙය ව්‍යාප්තව පවතින්නේ උඩරට,රත්නපුරය,වන්නිය යන පළාත්
වලය.අද වන විට මේවාට ඉතා ඉහල අධ්‍යාපනික වටිනා කමක් ලැබි ඇති බැවින් බොහෝ
උසස් අධ්‍යාපන ආයතන මගින් සොකරි රංඟ ගත කිරීමට කටයුතු සංවිධානය කරනු දක්නට
ලැබෙ.
මෙහි සොකරි යන පදය විග්‍රහා කර බැලිමේදි එය "චොක්‍රී" යන
මරාටේ පදයෙන් බිඳි ආවකැයි සැලකේ. මෙහිදි සොකරි යනු ඉතා රූමත් කාන්තාවකි. ඇය
මෙහි කතා නායිකාවද වෙයි
මෙම සොකරි නාටක කොහේ රඟ දැක්වුවද රඟ දක්වන්නේ එකම
කතා පුවතකි. මෙහා බැදුන කතා පවත් කිහිපයක්ම ඇත මෙවා අතර යම් යම් වෙනස්
කම්ද පවති. මෙය නිශ්චිත කතා පුවත යැයි කිසිවෙකුට
කිව නොහැක. නමුත්
සංක්ෂිප්ත අර්ථයක් ලෙස ගත්
විට සොකරි කතා පුවත ඉතාකෙටියෙන් මෙසේය.
ගුරුහාමි
යන්ත්‍ර මන්ත්‍ර දන්නා
ඉංදියාවේ පඬි රට සිටි ආඬ් ගුරෙකි ඔහු සොකරි නැමති
ලාබාල රූමත් තරුණිය විවහා කර ගනී. නමුත් ඔවුන්ට දරු ඵල නොමැති නිසා දරු ඵල
ලබාදෙන ලෙස කතරගම දෙවියන්ට බාරයක් වීමට ඔවුන් තම දාසයා වන පරයාද කැටුව නැව්
නැග ලංකාවට පැමිණේ. මෙසේ
පැමිණෙන ඔවුන් ලංකාවේ තඹරා විට නම් ගමේ නවාතැන්
ගැනීමට තැනක් සොයා අවසන එ ගම වෙදරාළගේ ඉඩමක පැලක් තනා පදිංචි වෙයි. දිනක්
වතුර ගෙන ඒම සදහා වෙද
රාළගේ ගෙදරට යන ගුරුහාමීව වෙද රාළගේ බල්ලා සපා කනු
ලබයි. මෙයින් රෝගාතුර වන ගුරුහාමිට ප්‍රතිකාර කිරිමට වෙදරාළව කැඳවාගෙන ඒමට
පරයා යන නමුත් වෙදරාළ
පරයාව එලවාගනි. පසුව සොරිය ගොස් වෙදරාළ කැඳවාගෙන එනු
ලබයි. රැයක් පහන් වන තුරුම ගුරුහාමිට ප්‍රතිකාර කරන වෙදරාළ අළුයම සොකරි
සමග පලා යයි. පසුව
ගුරුහාමි සොකරිය සොයා ගොස් සමාදාන වී ඇය නිවසට කැඳවාගෙන
එයි පසුව ඇ දරු ඵල ලබයි. අනතුරුව ඔවුන් තම රට බලා පිටත් වෙයි. සොකරි කතා
පුවත සංක්ෂිප්තව එසේය.සෑම
තැනකම රඟදක්වන්නේ මෙම කතා පුවතයි.
මෙම
සොකරි නාටක බහුලව රඟදක්වන ලද්දේ ගොවියන් තම
අස්වැන්න නෙලා ගෙට ගත් පසු වැඩ
නිම වු කමතේය. ඔවුන් සොරි සදහාම සුවීශේෂි ක්‍රමයකට කමත සකසනු ලැබේ කමත මැද
වංගේඩියක් තබනු ලබන අතර එයින් සශ්‍රීකත්වය සංඛේතවත් කරයි.
සොකරි
නාට්‍ය යනු කුමක් දැයි හදුනාගත් අප
දැන් එහි රංඟශෛලිය ගැන සරළ අධ්‍යනයක
යෙදෙමු. මෙම සොරි රඟදක්වන්නේ කමතක
බව ඉහතින් සඳහන් විය. මසේ සූදානම් කල
කමතේ රඟදක්වන සොකරී නාට්‍ය සදහා
රංගනයෙන් දායක වන්නේ පිරිමින් පමණකි. මෙහි
ගැහැණුන් රංඟනය නොකල අතර ස්ත්‍රී
චරිත පිරිමින් විසින්ම රඟදක්වන ලදි. ඔවුන්
ඒ සදහා ස්ත්‍රී ඇඳුම් ආයිත්තම්
වලින් සැරසි සිටියහ.(වීඩියෝ දර්ශනයක් අමුණා
ඇත)
තවද
සොකරි රංග ශෛලිය සම්පූර්ණවයන්ම අනුරූපණ
මාධ්‍ය,අනුකරණය භාවිත කල රංග
ශෛලියකි. මෙහි සියළුම අවස්ථා
ප්‍රෙක්ෂකයාට පෙන්වුයේ අනුකරණය මගිනි.
උදා:-
ගුරුහාම් ඇතුළු පිරිස ලංකාවට
පැමිණිම සදහා භාවිත කරන නැව සැදිමේ අවස්ථාව
මෙසෙ අනූරූපණ මාධ්‍යයෙන් ඉදිරිපත්
කරයි. එනම් ගස් කැපීම,ලී ඉරීම,නැව සැදීම
ආදි අවස්ථා නළුවන් රඟ මඩලේ අනුකරණයෙන් කර
පෙන්වයි මේ අතර මෙම කාර්යයන් ගැන
කියැවෙන කවි ගායනා කරනුද දක්නට ලැබෙ. මෙසේ
සොකරි නාට්‍ය මුල සිට අග දක්වාම
සියළුම සිද්ධි,අවස්ථා අනුකරණයෙන් කර පෙනවනු ලැබේ. ගුරුහාම්
ඇතුළු පිරිස
මුහුදු 7ක් තරණය කර ලංකාවට පැමිනෙන බව නළුවන් රඟ
මඩලේ අනුකරණය කරන අතර
කවියෙන් එය විස්තර වන්නේ මෙසේය.
මහා මහුදට නැව ඇවිත් බසින්නේ
මහා මුහුදෙ නැව ගමනි බොලන්නේ
ගොළු මුහුදට නැව ඇවිත් බසින්නේ
ගොළු මුහුදෙ නැව ගමනි බොලන්නේ
කළු මහුදට නැව ඇවිත් බසින්නේ
කළු මුහුදෙ නැව ගමනි බොලන්නේ
කර මහුදට නැව ඇවිත් බසින්නේ
කර මුහුදෙ නැව ගමනි බොලන්නේ
මේ ආකාරයට සොකරිය වීවෙලීම,ගෙපල තැනීම,මැටි ගෑම ආදි අවස්ථාද අනූරූපණයෙන් ඉදිරිපත්
කරන අතර ඒ ගැන කියැවෙන කවි ගයනා කරනු ලැබෙ.
එමෙන්ම
මෙම සොකරි නාටක තුළදි එක් එක් චරිත
රංඟාවතරණය කරන විට (රඟපෑමට වේදිකාවට එන
විට) එම චරිත හදුන්වා දීමට ඒ ඒ චරිත
සඳහාම නිර්මිත කවි ගායනා කරනු ලැබේ
මෙහිදි නළුවා වෙදිකාවට පැමිනෙන අතර
කවි ගායකයන් එම චරිතයට අදාල කවිය ගයනා
කරමින් ප්‍රෙක්ෂකයාට චරිතය
හදුන්වාදෙයි.
පළමුවෙන්ම රඟමඩලට පැමිනෙන්නේ වෙද රාළය. ඔහු
කුදු ඉතා අවලස්සන අයෙකු බවත් ගත ඉතා දුර්වලව ගිය අයෙකු බවත් මෙම කවියෙන් කියැවේ.
වෙදා නටන්නේ පළමුව සබේට එන්නේ
යොදා කියන්නේ තාලෙට ගත වෙව්ලන්නේ
කුදා වැනෙන්නේ සබයේ කොක් හඬලන්නේ
විදා පාන්නේ අත් දෙක තෑගි කියනනේ
මෙසේ
තුන් වන වරට රඟ මඩලට පිවිසෙන්නේ
පරයායි ඔහු ප්‍රේක්ෂකයාට හාස්‍ය රසය උපදින
ආකාරයට
රංඟනයේ යෙදෙයි. පරයා කවියෙන්
විස්තර වන්නේ මෙසේය.
ඉතින් කියන්නේ තුන්වන වරට නටන්නේ
පරයයි එන්නේ වට පිට නිතර බලන්නේ
කට දෙඩවන්නේ ගිය ගිය තැන පෙරළන්නේ
කොක් හඬලන්නේ සොකරිය දෙසයි බලන්නේ
තුනවන
වරට රඟ මඩලට එන පරයා නටන අතර වට පිට
බලමින් හාස්‍ය මතු කරන බවත්,
හැම විටම
කියවමින් යන යන තැන පෙරළියක් කරන බවත්,
සොරියට ඉඟි බිඟි පාන බවත් මෙම
කවියෙන් කියැවේ.
සොකරි කතා පුවතේ ප්‍රධාන චරිතය වන සොකරිය රඟ
මඩලට එනවිට ඇය ගැන කියැවෙන කවිය මෙසේය.
සොකරී එන්නි සබයෙන් අවසර ගන්නී
නැටුම් නටන්නී තාලෙට රාග කියන්නී
පද අල්ලන්නි පියයුරු ලැම සොලවන්නී
කැඩපත ගන්නී සුරතින් මූණ බලන්නී
අඳුන් ගාන්නී නෙත් දෙක ඔමරි කරන්නී
මල් ගවසන්නී කොණ්ඩය ගොතා හෙලන්නී
තෝඩු දමන්නී පවලම් මාල බඳින්නී
සේල අදින්නී පටකින් ඔමරි කරන්නී
ඉහත
කවි ගායනා කිරිම මගින් සොකරිය ගැන
යම් අදහසක් ප්‍රේක්ෂකයාට ලබා දීමට
උත්සහා දරන බව පෙනියයි. සොකරියගේ
චරිත ලක්ෂණ මෙම කවි වලින් කියැවෙන්නේ
එබැවි
දැන් අප මෙතෙක් කථාකල සොකරි නාටක වල ඇදුම්
නිර්මාණ ගැන විමසා
බලමු. මෙම පරිච්චේදයෙන් සොකරි නාට්‍යයේ
ඇදුම් ගැන දීර්ඝවිස්තරයක් කිරිමට මා
බලාපොරොත්තු නොවෙමි ඔබගේ දැන ගැනීම
පිණිස ඉතා කෙටියෙන් එහි ඇදුම් නිර්මාණ
ගැන සදහන් කරමි.
ආඬිගුරු :-
උඩරට නර්තන ශිල්පියෙකුගේ යටි කය ඇදුමට ගොක්
කොල වලින් නිර්මිත වෙස්
තට්ටුවක් භාවිත කරයි ඉංදීය බමුණෙකු ලෙස පූන
නුලක් බැඳ නලලේ ඉරි ඇඳ මොනර
පිල් හිසේ ගසාගෙන සිටින අතර සමහර අවස්ථා වල
පොතක් අතින්ගෙන සිටියි.
සොකරි:-
ඔසරියක් හැඳ ආභරණ පැළඳ සිටියි.
පරයා:-
බම්බු කොට කලිසමක් හැඳ ශරීරයේ උඩ කොටස
විවෘතව ඇත,
අතේ කොටුවක් දක්නට ඇත.
වෙදරාළ:-
සුදු වේට්ටියක් ඇද උඩට සුදු මේස් බැනියමක්
අඳියි රැවුලක්ද දක්නට ඇත.
මෙසේ කවි වලින්,
ඇදුම් වලින්,
රංඟනයෙන් අලංකෘත සොකරි එදා රඟ දැක්වුයේ කුමන
පරමාර්ථයෙන් දැයි විමසීම වටී.
සොකරි
නාට්‍ය දෙස බැලූ බැල්මට පෙනි යන්නේ
එය ප්‍රෙක්ෂකයාට හාස්‍ය මතු කිරිමට රග
දැක්වු සෙයකි. එහිද සත්‍ය තාවයක්
නැතුවාම නොවේ මන්ද යත් අනේක දුක් විඳ තම
කුඹුරු රැක බලාගෙන අපමන වෙහෙස වී
සිටින ගොවීනට මෙම සොකරි තුළින් යම් මානසික
විශ්‍රාන්තියක් ලබා දීමට අපේකෂා
කරමින් මෙය හාස්‍ය මතු
කිරිමට යොදා ගත්තා
විය හැක. මෙම සොකරි තුළ දෙපැත්ත
කැපෙන සංවාද භාවිත කර තිබේ. කුණුහරුප වචන
භාවිත කිරිමත් ,
ශෘංගාර රසය මතු කිරිමත් දක්නට ලැබේ.
මෙමගින් පෙනි යන්නේ
ගොවියන්ගේ මනසට යම් විවෙකයක් ලබා දීමට යම්
විනොදාස්වාද මාධයක් ලෙස සොකරි
භාවිත කල බවයි.
නමුත් එතැනින් එහා ගිය පරමාර්ථ මෙම සොකරි
නාටක තුළ
පැවති බවනම් පැවසිය යුතුමය. සොකරි හුදු විනොදය සදහාම පමණක් යොදා
ගත්
නාටකයක් නොවිය එනම් මෙතුළින් ගමට රටට සශ්‍රීකත්වය ලඟා කර ගැනීමේ
අරමුණ ද
ඉටු කර ගැනිමට බලාපොරොත්තු විය. මෙම සොකරි නාට්‍ය තුළ ද දරුවෙකු
බිහිවෙයි
මෙම දරු ප්‍රසූතිය තුළින් සංඛෙතවත් කරන්න සශ්‍රීකත්වයම නොවේද?
අනෙක් අතට
මෙම සොකරි වෙදිකාව තුළ භාවිත වන එකම
රංඟ භාණ්ඩය වන්නේ වංගෙඩියයි මෙයද ඔවුන්
සශ්‍රීකත්වයේ සංඛෙතයක් ලෙස සලකන
ලදි. මෙම සොකරි නාටක අවසන කිරි උතුරවනු
ලබයි එයින්ද මතු වන්නේ සශ්‍රීකත්ව
සංකල්පයමයි.
මෙම සොකරි අවසානයේදි ගමටත් රටටත් තම
අස්වැන්න්ටත් සෙත් පතා ඒවා ආරක්ෂා කර ගැනිමේ අරමුණින් සෙත් පතා මෙවැනි කවි ගායනාද
අඩංගු විය.
ගව සම්පත් බෝ වේවා
ගහ කොළ පලදා වේවා
ගජ කුළු බිය නැතිවේවා
ගණ දෙවි නුවණක් දේවා
සොකරි
නාටක පිළිබඳව පර්යේෂණ කල විජේසිංහ
මහතා සමස්ථ සොරියම සංසර්ගය සංඛෙතවත් කරන
බව පවසයි. පරයා අත තිබෙන ලී කැබැල්ල,
සොකරි වෙද රාළ හා පැන යාම,
දරුවෙකු
ලැබීම ආදී අවස්ථා විශේෂ අවස්ථාවන්ය.
එමෙන්ම පොළව නැමති කාන්තාව පුරුෂයන්
නැමති ගොවියන් සමග සංසර්ගයේ
යෙදිමෙන් සශ්‍රීකත්වය නැමති දරුවන් ලැබිම මින්
මතු කරන සශ්‍රීකත්ව ලක්ෂණයකි.
මෙතෙක් අප කථා කලේ ලංකා නාටය කලාව තුළ
අපට හමුවන පළමු ගැමි නාටක විශේෂය වන සොකරි නාටක ගැනයි. මාගේ මෙම
සටහන
තුළින් හැකිතාක් දුරට සොකරි නාටක පිළිබඳ නිවැරදි තොරතුරු සංෂිප්තව
ඉදිරිපත්
කර ඇත එබැවින් ඔබට සොකරි ගැන තවත් වැඩිදුර
තොරතුරු දැන ගැනීමටනම් ඒ
සම්බන්දයෙන් ලියැවුනු පොත පත ආශ්‍රය කිරිමට
සිදුවනු ඇත.
කෝළම්
සිංහල ජන නාට්‍ය අතර කෝළම්
වලටද වැදගත් තැනක් හිමිවෙයි.කෝළම් නැටීම
නාට්‍ය ධර්ම ඝනයට අයත්වේ.සොකරිය තරම් පහසු නොවන
අතර මෙයට පිළිගත් සිද්ධාන්ත
තිබේ.වෙස් මුහුණු නාට්‍ය ලෙසද හැඳින්වේ.දකුණු පළාතේ වෙරළබඩ ගම්මානවල මෙම ජන නාට්‍ය ප්‍රසිද්ධවේ.
කඳුරැ,
රැක් අත්තන,සමඳරා වැනි සැහැල්ලු ලීයෙන් සදනලද වර්ණවත් වෙස්
මුහුණු පැළද නැටීම කෝළම්
වල ප්‍රධාන ලක්ෂණයකි.කෝළම් නාට්‍යයේ ප්‍රථම
භාගයේදි කථා වස්තුවට සම්බන්ධ නැති විවිධ
පාත්‍රයන් ඉදිරිපත් කොට අවසානයේ
කථා වස්තුවක් හෝ දෙකක් නිරෑපනය කෙරේ.මේ නිරෑපණය සඳහා මාධ්‍ය වශයෙන් උපයෝගී කොට ගන්නේ කවි කීම හා
හිටිවන සංවාදයයි. නාට්‍ය ස්වරෑපයෙන් ඉදිරිපත් කිරිම
සඳහා කවියට නඟා සකස් කරන
ලද කථා වස්තු කිහිපයක් කෝළම් නාට්‍ය කණ්ඩායම
සතුවේ.
ස්ත්‍රිය හාස්‍යයට
ලක්කිරිමක් මෙම නාට්‍යය තුළ සිදුවේ.ඒ සඳහා යම් යම් සංවාද
යොදාගනි.මඩුවක් තනා එය ඉදිරිපිට සකස් කරන ලද
රඟමඩලක කෝළම් නැටීම
සිරිතවේ.පොතේ ගුරැන්නාන්සේ හෙවත් කාරියකරවනරාළ පළමුව ත්‍රිවිධ රත්නයට
නමස්කාරකොට දේවාරාධන ගී
ගයයි.ඉක්බිති කෝළම් උපත කවියෙන් කීමට පටන්ගනි. මෙම
කවි ගායනයෙන් පසු කෝළම්
නැටුම මුලින්ම කරන්නට යෙදුන අවස්ථාව සඳහන් කරන අතර
ඉනික්බිත්තෙන් විවිධ වු
කෝළම් පාත්‍රයන් ගණනාවක් සභයට ඉදිරිපත්වේ.සඳ
කිඳුරැ,මනමේ වැනි කථා මෙහිදි රඟ දැක්වේ
කෝලම් නිර්මාණය හා රංගනය
ගැමියන්ගේ කලා කුසලතාවන් මෙන්ම ගැමි කලාවක් ඉදිරිපත් කිරිමෙහි ඔවුන් සතුවු පෞරැෂයද
මැනවින් විදහා දක්වයි.
නාඩගම්
ජන නාට්‍ය අතර නාඩගම්වලට
සුවිශේෂී ස්ථානයක් හිමිවේ.ඊට හේතුව ශෛලිගත
නාට්‍ය සම්ප්‍රද්‍රාය ප්‍රතිෂ්ඨාපනයට නාඩගම
මුල්විය.දේශීය නාට්‍ය කලාවේ
සමාරම්භය සිදුවුයේ මෙම ජන නාට්‍ය විශේෂයක්වු නාඩගම් ඇසුරිනි. දහනව සියවසේ මුල් භාගයේ නාඩගම්
බිහිවුනා යැයි සැලකේ.මෙම නාට්‍ය වඩාත් ප්‍රචලිතව ඇත්තේ
බටහිර මුහුදු බඩ
වෙරළෙහිය.අංග සම්පුර්ණ දෟශ්‍ය කාව්‍ය ලක්ෂණ නාඩගම් තුළ
තිබෙන බව පිළිගැනේ.නාඩගමක් සම්පුර්ණයෙන්ම විකාශනය
වන්නේ ගීතය
මාර්ගයෙනි.මෙහි නාට්‍ය රසය උත්පාදනයට විශාල අවධානයක් ලැබේ.
සිංහල පැරණි නාඩගම්
රචකයාලෙස සැලකෙන්නේ පිලිප්පු සිංඤ්ඤෝ
නැමැත්තාය.මේඅයුරින් බිහිවු නාඩගම් අනෙකුත් ජන
නාට්‍ය සේම රාත්‍රියේ රඟ
දක්වයි.රැයක් මුළුල්ලේ මෙයරඟ දැක්වේ.නාඩගම් රඟ දක්වනු ලබන්නේ පස්ගොඩ
ගැසීමෙන් පොළවේ මටිටමෙන්
උස්කාට අර්ධ කවාකාරයෙන් තනාගත් රංඟභුමියක්
ප්‍රේක්ෂකාගාරය කරගනිමිනි.මෙම නාඩගම් තුළින්
ප්‍රේක්ෂකයාගේ පරිකල්පනය
අවදිකරයි.කිසියම් වින්දනයක් අත්කරදීමට සමත් කලාත්මක සන්දර්භයක් තුළ මෙම නාඩගම විකාශනයවේ.කෙසේ වුවද
මෙම නාඩගම් නුතන නාට්‍ය කලාවට බෝහෝ සෙයින්
වැදගත්වේ.
අපේ සංස්කෘතික උරැමයන් ලෙස
ගතහැකි මෙම ජන නාට්‍ය සමහරක් අදටත් අප අතර පවති.
මේවා කියාපාන්නේ අපගේ
අනන්‍යතාවය නොවේද ඉතා පෞරාණික සංස්කෘතියකට උරැමකම්
කියන අප මෙම ජන නාට්‍ය
තවදුරටත් රැක ගැනීමට කටයුතු කළ යුතුය
|